
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අතර පසුගිය 03දා පාර්ලිමේන්තුව පැවැත්වෙමින් තිබියදී ඇතිවූ ගැටුමේ වීඩියෝව මාධ්‍ය වෙත මේවනවිට නිකුත්කොට තිබෙනවා.
මෙම ගැටුමට හේතුව වූයේ හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ විවාදයකි. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධණ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහත්වරුන් මෙහිදී අදහස් දැක්වූ අතර ෆොන්සේකා මහතාගේ අදහස් දැක්වීම අතරතුර මෙම ගැටුම ඇතිවිය.
ගැටුම පදනම්කොටගෙන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහත්වරුන්ට සතියක කාලයක් සඳහා පාර්ලිමේන්තු තහනමක්ද මේවනවිට පනවා ඇත.
- See more at: http://offair.nethfm.com/article/38162



Post a Comment