2016 වසරේ අග්‍ර‍ගණ්‍ය ස්මාර්ට් දුරකථන

New Smartphones in 2016

2016 වසරේ අග්‍ර‍ගණ්‍ය ස්මාර්ට් දුරකථන

     2015 වර්ෂය නව #smartphones නිකුතු සමග තේජසින් බැබලෙද්දී තාක්‍ෂණයට කැමති ඔබ තවදුරටත් 2015 අවසාන දින කිහිපය/2016 ආරම්භය තුළ අවධානයෙන් සිටීම වැදගත්. මොකද නම්දැරූ සමාගම්වල  2016 වසරේ නවතම ස්මාර්ට් දුරකථන සමග වෙළඳපොළ දෙදරනු නියතයි. ඉතින් ඔබ නවතම ස්මාර්ට් දුරකථනයක් මිළදීගැනීමට බලාපොරොත්තු වෙනවානම් 2015 4වන කාර්තුව සහ 2016 පළමු කාර්තුව තෙක් මඳක් ඉවසීම නුවණට හුරුයි.
කටකතා අනුව නව #smartphones නිකුතු එම කාලය තුළදී නවතම පෙරළියක් කරන බව දැනගන්නට ලැබෙනවා. මේවා එළිදැක්වීමත් සමගම වෙනදා මෙන් ම මාර්ගගත වෙළඳසල් වන Ebayalibaba ආදියේ ඒවා ලබාගත හැකිවේවිඑසේම ලංකාව තුළ ජනප්‍රිය සහ ප්‍රධාන වෙළඳසල් වන AmazonflipkartKaymutakas ආදී බොහොමයක  2016 සඳහා වන ස්මාර්ට් දුරකථන ලබාගත හැකියි.
ඔබට තීරණය ගන්නට පහසු වන්නට අපි නිකුත් වීමට ආසන්න දුරකථන කීපයක විස්තර කියන්නම්. ඒ අනුව මෙතෙක් නිකුත්වී නොමැති Apple, HTC, Nexus, Samsung හා Sony ආදී දුරකථන සමාගම්වල මීළග දුරකථන පිළිබඳව ඔබට දැනගන්නට ලැබේවි.

   1.     Samsung Galaxy S7 හා Galaxy Samsung S7 Edge
මේ වසරේSamsung Galaxy S6 සමග විශාල කීර්තියක් ලබාගත්තා. ඒ අනුව මීළග දුරකථනය ඉතා ප්‍ර‍බල එකක් වනු නොඅනුමානයි. දැනගන්නට ලැබෙන පරිදි Samsung Galaxy S7 දුරකථනය 2015 වර්ෂයේ පළමු කාර්තුවේදී විශේෂ උත්සවයකදී නිකුත් කිරීමට නියමිත අතර එය සති දෙකත්-හතරත් අතර වෙළඳපොළට ලබාදෙන බව දැනගන්නට ලැබෙනවා. එසේම අපට Galaxy Samsung Edge S7  Samsung Galaxy S7 සමග දකින්නට ලැබේවි.
ඒවායේ  5.2“,  5.8“ තිර ද s6හි තිබූ 1.5GHz Octa-core ප්‍රොසෙසරයට වඩා ඉතා වේගවත් 2.9-GHz Octa-core processorය, 4GB RAM ධාරිතාවක් හා අභ්‍යන්තර ධාරිතාව 16GB, 32GB, 64 GB හා 124 GB වලින් මේවා සමන්විත වෙනවාපෙර පරිදිම එකක් සමතල තිරයකින් ද අනෙක නැවුණු තිරයකින් ද යුතුයි. කැමරාව 30MP හා ඉදිරියේ 7 MP සමග අගනා ඡායාරූප ගෙනදේවි. එහි නවතම Android 6.0 Marshmallow මෙහෙයුම් පද්ධතිය යෙදවෙන අතර USB type- C ආරෝපණ/දත්ත port එකක් හා Qualcomm Snapdragon 820 හෝ Exynos 8890 processorයකින් සමන්විත වනු ඇතිමේ සියල්ල සමග 2016 වසරේ දැවැන්තයා මෙය වීම පුදුමයක් නොවේ.
Samsung Galaxy S7

   2.     Nexus 5X
Nexus 5X අනිවාර්යයෙන් ම ඔබේ නවතම දුරකථනය ලෙස තෝරාගැනීමට සුදුසුයි. Nexus 6 පොඩි ප්‍ර‍ශ්ණ කීපයක් සමග අසාර්ථක වුවත් Google නවතම Nexus 5X හා Nexus 6P සමග සාර්ථකත්වයට පැමිණෙනවාමෙය LG සමාගම නිපදවන අතර 5.2full HD තිරයක්, පෙර එකට වඩා වේගවත් Qualcomm Snapdragon 808 processorය, පසුපස 12.3 හා ඉදිරියේ 5MP කැමරා, 2GB RAM මතකය, 16-32 GB අභ්‍යන්තර ධාරිතාව, USB Type-C port එකපසුපස fingerprint ස්කෑනරය හා ඉදිරිපස ස්පීකරයකින් යුතුයිAndroid 6.0 Marshmallow මෙහෙයුම් පද්ධතිය හා බරින් සැහැල්ලු බව නිසා 2016 සඳහා මෙය හොඳ තරගකරුවෙක්.
LG Nexus 5X


   3.     HTC One M10
HTC සමාගම One series එක සඳහා නම් දරා සිටිමින් One M9 සමග 2015 වසර බැබැලූවාදැන් 2015 අවසාන කාර්තුවේදී HTC One M10 තිබෙනවාපුළුල්දීප්තිමත් තිරයවේගවත් Snapdragon 810 හෝ 820 processor, 2-3GB RAM ධාරිතාවලෝහ රාමුව හා ඉදිරිපස විශාල ස්පීකර දෙකකින් ද යුතුයි.
HTC One M10


   4.     Sony Xperia Z5
Sony Xperia Z3+ දුරකථන සමග තාක්‍ෂණය සඳහා නව ස්ථාවරයන් බිහිවූවා. නවතම Sony Xepria Z 5 සමගින් Sony Xperia Z3 දුරකථනයේ සිට ලැබුණු අත්දැකීම නවමු මගකට යොමුවනු නොඅනුමානයිමෙහි OmniBalance සැලැස්මජලය කාන්දු නොවන නිමැවුම, fingerprint sensors හා Snapdragon 810 processor, 3GB RAM ධාරිතාව, 23MP කැමරාව හා microSD සහාය 200GBතෙක් ලබාදෙමින් හොඳ තරගයක් දෙනවා.
Sony Xperia Z5



   5.     IPhone 7
IPhone මෙවර අනෙකුත් තරගකරුවන්ට හොඳ පහරක් වේවිඑය තාක්‍ෂණය දෙදරවන නවතම ආකාරයේ විශේෂාංග රැසක් ගෙන ඒමට නියමිතයිමෙහි ඉහළ තත්වයේ projector එකක් අඩංගු කෙරෙන බැවින් presentation වලට හොඳ පහසුවක් වෙනවාකාබනික ද්ව්යයන්ගෙන් නිමවූ බැටරියක්, Liquidmetal කවරයක්, අනතුරු වලින් දුරකථනය ආරක්‍ෂා කිරීමට පද්ධතියක්, quad-core processor හා පසුපස20-MP iSight කැමරාව මෙහි අග්‍ර‍ගණ්‍ය ඉදිරිපත් කිරීම් වෙනවා.
2016 Smart Phone අනාවැකි අනුව smartphone නිෂ්පාදකයන්ට හා පරිශීලකයන්ට අගනා වසරක් වෙනවාඒ අනුව නවතම විශේෂාංග සමග තාක්‍ෂණික පෙරැලියක් මීළග වසරේදීද ලැබෙන බව සිතීමත් සතුටක්.
iPhone 7

වැඩි විස්තර සඳහා Alphr වෙත පිවිසෙන්න.




Share this video :

Post a Comment

 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger