Latest Posts
Showing posts with label special. Show all posts
Showing posts with label special. Show all posts

කලාවට වල් බූරු නිදහස නොදෙමු - Review


අපේ රට ශ්‍රී ලංකාව කියලා නොදන්න කෙනෙක් නැතුව ඇති. එහෙම නේද? කමක් නෑ මං එහෙම කිව්වෙ ඉතින්...... එක්කෝ ඕනි නෑ. හැමදාම අන්තර්ජාල දේවල්ම අරගෙන එන්නේ නැතුව මට හිතුණා පොඩියට හිතුනු මගේ අදහසක් අරගෙන එන්න. ඔන්න කියන්න කලින් මං මේ කියන්නෙ මේක හුදෙක් මගේ අදහසක් විතරයි. ඔබේ අදහස් comment කරන්න.

අපි හැමෝම tv බලනවනෙ. නොබලන කෙනෙක් නෑ. ඇයි අපි tv බලන්නේ. එදිනෙදා වෙලා තියෙන දේවල් දැනගන්න. තව.... ආහ්.. ආශ්වාදය ලබාගන්න. මොනවාගෙන්ද? teledramas, reality, movies. හරි. ඕකට තමයි tv බලන්නේ හ්ම්.. නිකම් නෙවෙයිනේ ඇඩ් ටිකත් බලාගෙනම අපි ඔය ටික බලනව.. ඒකාකාර ජීවිතයෙන් ටිකක් මිදෙන්න හොදයි...

ඒත් අපිට අනවශ්‍ය දේවල් ඕකෙ යන්නෙම නැද්ද? අපෝ යනව... කට්ටියක් කියයි... ඔයාල බලනවද ඒව.. අපෝ නෑ නේහ්... බලනව නෙවෙයි බැලෙනව...  

අපේ කට්ටිය ඔහේ බලාගෙන ඉන්නව. ඕක තමයි ඇත්ත. අපිට ආශ්වාදය ගේන්න සමහරු නියම reality අරගෙන එනව. ඔය ලංකාවේ premiere entertainment channel එක  එහෙම. නළු නිළියො පිරිවරාගෙන... මං දැක්ක මේ ඊයේ පෙරේද "අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා" කියන සිංදුවට විකාරෙන් උඩ පනින සීන් එකක්... අනේ මංද මුන් අවජාතකයින්ද බං. විළි ලැජ්ජයි. ඇත්තටම... කලාව කැලෑව කරගෙන මේ නළු නිළි රොත්ත යන්නේ කොහෙද?
හැබැයි උන් යන කරත්තෙ දක්කන්නෙ අපි. ඇයි....? ඇයි ඉතින් ඒව බලන්නෙ අපිනෙ... නොදකිං....
අපි යන්නෙ කොහෙද කියලා ඔය tv එකෙන්ම දැනගන්න ක්‍රමයක් කියන්නද? පොඩ්ඩක් කරකවල බලන්නකෝ Buddhist tv එක. අහල බලන්න හාමුදුරුවන් වහන්සේලා කියන බණ...අපි ඉන්නෙ කොහෙද කියල. මම නම් කියන්නෙ ඔය නළුවන්ට තැනක් දෙන්න එපා...ඇයි?.... 1.උන් අපේ කාලය නාස්ති කරා 2.අපේ යහපත් හැඟීම් නැතිකරා 3.අපිට වැදගත් වැඩසටහනක් යන්න තිබ්බ කාලය නැතිකරා. 
සමහරකෙක්ට නම් හිතෙන්න පුළුවන් නළු නිළියන් ඕවට පලිද කියලා. පොඩ්ඩක් බලහන්කො පැහැර ගැනීම්, මංකොල්ල, මිනීමැරුම්, පාතාලය. මේ සේරම උන්ගෙ චිත්‍රපටි වලයි, නාට්‍ය වලයි. මතකද මංද අර සේයා ඝාතනය වෙනුවෙන් නළු නිළි කැලක් පාරට බැහැල උද්ඝෝෂණ කරා... 

නොදකිං.... මෙන්න වැඩක්... චිත්‍රපටියක හෙළුවෙන් රඟපාපු නිළියක් මෙන්න කෑගහනව... සේයා මරපු එවුන්ට මරණීය දණ්ඩනය දෙන්නලු.... හෙළුව පෙන්නල මිනිස්සුන්ගෙ රාගය අවුස්සල සල්ලි අරං ලැජ්ජ නැතුව මේකි උද්ඝෝෂණ කොරනවා. නම කියන්න ඕනි නෑ ඔයාල දන්නවනෙ.


රැවටෙන්න එපා....මං මේ කියන්නෙ බොරු කියලා හිතෙනවනම් පන්සලේ හාමුදුරුවන්ගෙන් ගිහින් අහල බලන්න. ඔය විදියට රඟපාල මිනිස්සු මුලා කරන එවුන්ට යන්න වෙනනම අපායක් තියෙනවා...

කරන ඉල්ලීම මේකයි. ඔය ටෙලි නාට්‍යවල දකින චරිත්වත් කතාවවත් ඇත්ත ජීවිතේ බලාපොරොත්තු වෙන්න එපා... 
කලාවයි මාධ්‍යයි උඩ තියන්න එපා.

අදහස් දක්වන්න. 

විදුලි කප්පාදු කාලසටහන මෙන්න- Power cut timetable

Power cut timetable/schedule Sri lanka 





මේ දවස්වල ඉතින් කරන්ට් එක විශ්වාස කරන්න බෑනේ. කොයි වෙලාවෙද දන්නෑ... ඒ නිසා ගොඩක් වැඩ අඩාල වෙනව. ඒ ගැන හිතල ලංකා විදුලිබල මණ්ඩලය කරන්ට් කපන කාලසටහනක්* නිකුත් කරල තියෙනවා. ඔයාලගෙ සුභ සිද්ධිය තකා මෙන්න ඒක දැම්ම ඔයාලට බලාගන්න. එතකොට ඉතින් ලයිට් යන්න කලින් phone එහෙම charge කරගෙන ඉන්නත් පුලුවන්නේ...



*source: 

Gihanorg-peab4



Light යෑම ගැන මොකද හිතෙන්නේ comment කරමු බලන්න...

නෝට් ගන්න යන්න - Notegun.com



ඔන්න දැන් කියන්න යන්නෙ අධ්‍යාපනික වශයෙන් වැදගත් වෙන දෙයක් ගැන. ඔයාල දන්නවනෙ දැන් වෙනකොට online education කියන දී ගොඩක් ජනප්‍රියයි. 
                      
                  කවුරුත් අන්තර්ජාලය උපයෝගී කරගෙන නෝට්ස්, පේපර්, මොඩ්ල් පේපර්ස් වගේ ඒව හොයනවනෙ අන්න ඒකට වැදගත් වෙන වෙබ් අඩවියක් ගැන තමයි මේ කියන්න යන්නෙ. 



මේක notegun.com තාක්ෂණවේදය, වානිජ, ගණිතය වගේ ගොඩක් විෂය ධාරාවල දේවල් මේකෙ තියනවා. ගිහින්ම බලන්නකෝ....



අනන්තෙන් පියඹා ඇවිදින් - Remix

removed wrong link


මේ පාර remix 1ත් අහල හොදද කියන්නකෝ. ඔයාල අාසම කරපු සිංදුවක් නෙ. comment 1ක් අනිවා දාන්න.


නයඟරා දියඇල්ල online බලමු



ඔයා සමහර විට දන්නවා ඇති නයඟරා දියඇල්ල ගැන. ඒක තමයි ලෝකයේ පළලින් වැඩිම දියඇල්ල. දැක්ක අය නම් දන්නවා ඇති ඒක කොච්චර ලස්සනද කියල. එහෙනම් අද නයඟරා ඇල්ල online පෙන්නන්න යන්නෙ. අපිට ඉතින් ඕකේ ළඟට යන්න ලැබෙන අවස්ථාව අඩු නිසා දුක් නොවී පහළින් online video එක බලන්න.








ඔබත් ඡන්දහිමියෙක්ද බලමු


ඡන්දය කියන්නේ ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මූලිකාංගයක්නෙ. ඔයාට දැන් පුලුවන් අන්තර්ජාලය පාවිච්චි කරල ඔයාට ඡන්දය දාන්න පුලුවන්ද කියල බලාගන්න. මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් තමයි මේ වැඩේ කරගෙන යන්නෙ.ඡන්දය ඇති නැති සියලුදෙනා ගිහිල්ලා පොඩි try එකක් දීල බලන්න. පුරවන්න තියෙන්නේ දිස්ත්‍රික්කයයි,හැඳුනුම්පත් අංකයයි විතරයි.පහලින් සබැඳිය(linkඑක) ගන්න.



ලෝකයේ ජනප්‍රිය ලාංඡනවල පරිණාමය


  ලාංඡනය යම්කිසි ආයතනයක් සාර්ථකව ඉදිරියට ගෙනයාමට මහඟු රුකුලක්. පාරිභෝගිකයන් ආකර්ශණය කරගැනීමට මෙන්ම ආයතනයක Genuine බව ලබා ගැනීමටත් මෙය උදව්වක් වෙනවා.
                    ඉතිං අපි අද බලමු ලෝකයේ සාර්ථක ආයතනය කිහිපයක ලාංඡන ආරම්භයේ සිට වර්තමානය තෙක් පරිණාමය වූ අන්දම.

01. Microsoft - සුප්‍රකට මෙහෙයුම් පද්ධති නිර්මාපක


02. Coca-cola - ලෝකයේ ජනප්‍රියම පානය


03. Google - ලෝකයේ වැඩිම දෙනෙක් භාවිතකරන වෙබ් 
අඩවිය


04. Apple - ලෝකයේ වැඩිම ලාභයක් ලබන ආයතනය


05. Firefox - ලෝකයේ වැඩිම දෙනෙක් භාවිත කරන වෙබ්
 අතිරික්සුව


06. Samsung - ලෝකයේ ජනප්‍රියම ජංගම දුරකථන 
සන්නාමය


ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම භාවිත වන වෙබ් අඩවි 10



අපි හැමෝම ඉතින් අන්තර්ජාලය පාවිච්චි කරනවනේ. අද කියන්නේ Alexa.com rankings අනුව ලංකාවේ වැඩිම දෙනෙක් භාවිත කරන websites 10 මොනවාද කියල ඔයාලට කියන්න. පහතින් දක්වා තියෙන්නේ ඒ වෙබ් අඩවි 10යි.


ප්ලූටෝගේ පළමු සැබෑ ඡායාරූප

ඔබත් මමත් දන්නා පරිදි ග්‍රහලෝකයක් ලෙස පිළිගැනුණු ප්ලූටෝ පසුව වාමන ග්‍රහයෙකු ලෙස නම් කරනුලැබුවා. 1930දී හඳුනාගත් මෙම ග්‍රහලෝකය මෙතෙක් කල් සමීප ඡායාරූප ගතකොට තිබුණේ නෑ. නමුත් 2006දී අභ්‍යාවකාශ ගතකළ New Horizon යානය,පසුගියදා ප්ලූටෝගේ සමීප ඡායාරූප කිහිපයක් පෘථිවිය වෙත එවා තිබුණේ මෙලෙසින්.
New Horizon යානය


ඉතින් මෙතෙක් කල් කල්පිත රූප ඔස්සේ අපට ගෙනහැර දැක්වූ ප්ලූටෝ ඉදිරියට සැබෑ ඡායාරූප ඔස්සේ අපට දැකබලාගැනීමට හැකිවේවි.




 

අන්තර්ජාලයේ වෙබ් අඩවි සංඛ්‍යාව?

      
    දින අන්තර්ජාලය පාවිච්චි කරන පිරිස වැඩිවෙනව.ඒහා සමානවම අන්තර්ජාලයට අලුතින් එකතුවන වෙබ් අඩවි සංඛ්‍යාවත් ඉහළ යනව. ඉතින් දැනට අන්තර්ජාලයේ කොපමණ වෙබ් අඩවි සංඛ්‍යාවක් තියෙනවද බලන්න පහළ සබැඳිය භාවිත කරන්න.තත්පරයට කොච්චර ප්‍රමාණයක් එකතු වෙනවද කියලත් ගණන් හදල බලන්න.


ඔබ නොදුටු පැරණි ලංකාව

            පහතින් සටහන් කර ඇත්තේ 1800-1900 ගණන්වල ශ්‍රී ලංකාවේ සත්‍ය රූපරාමු පෙළකි. මෙලෙසින් අපහට මෙම දර්ශන දැකබලාගැනීමට හැකිව ඇත්තේ විදේශිකයන්ගේ කැමරා ඇසට මෙම රූපරාමු හසු වූ නිසාය.












                                                              
                                                                  *අනුරූප ප්‍රකාශන අයිතියට යටත් විය හැක









තාක්ෂණවේදය සඳහා විශ්වවිද්‍යාල පාඨමාලා




උසස් පෙළ සඳහා 2013 සිට අලුතින් එකතු වූ විෂය ධාරාව වන්නේ තාක්ෂණවේදය යි.එම විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාල වරම් ලබන්නෙකුට කළ හැකි පාඨමාලා අංශ 3ක් යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නිකුත්කර තිබේ.ඒවා පහතින් දක්වා ඇත.


01.ජෛව පද්ධති තාක්ෂණවේදය සඳහා



02.ඉංජිනේරු තාක්ෂණවේදය සඳහා



03.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සඳහා

කෘත්‍රීම බුද්ධියේ අනාගතය


 කෘත්‍රිම බුද්ධිය එහෙම නැත්තම් Artificial Intelligent කියන දේ තමයි ඊළඟට එන පරිගණක පරම්පරාව. ඒක ඔයාල සමහර විට GIT විෂයේදි ඉගෙනගන්න ඇති. AI පිළිබඳව අපිට අත්දැකීමක් ගන්න තාම අවස්ථාවක් නැති වුනාට අන්තර්ජාලය හරහා ඒ අත්දැකීම විඳගන්න පුලුවන් කියල ඔබ මොහොතකටවත්නොසිතන්නටඇති.

                                  පහලින් මම ඇතුළත් කරල තියෙන සබැඳි භාවිත කරල ඔයාලත් ඒ අත්දැකීම විඳින්න.මේ sites වලදී ඔයාලට කෘත්‍රිම බුද්ධියක් සමඟ chat කරන්න අවස්ථාව ලැබෙනවා. නමුත් ඔයාලට මේ සැබෑ මිනිසෙකු විධියට chat කරන්නෙ කෘත්‍රිම බුද්ධියක්ද කියල හිතාගන්නවත් බැරිවේවි.





ලොව හොදම ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් 10




ඔබත් මමත් පාවිච්චි කරන ජංගම දුරකථනය අදවන විට නැතුවම බැරි භාණ්ඩයක් බවට පත්වෙලා.ඒ අතරින් වැඩිම භාවිතයක් හා අලෙවියක් වෙලා තියෙන ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් 10 තමයි පහළින් දක්වා තියෙන්නෙ.

බලන්න ඔයාගෙ ජංගම දුරකථනයෙ නිෂ්පාදන සමාගමත් ඒ අතර තියෙනවද කියල.



      *Lenovo stats include Motorola unit sales, all units are in millions
 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger